මම ඩුබායිහී කෝටි ගණනක වත්කම් ඇති ව්‍යාපාරිකයෙක්, ඩුබායිහිදී අපරාධ චෝදනාත් නෑ – මදූෂ්

ඩුබායි පොලිසිය විසින් එරට දී අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මදූෂ් විසින් එරට අධිකරණය වෙත නව නීති තර්කයක් ඉදිරිපත් කරමින් අභියාචනයක් ගොනු කර තිබේ.

එමගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි.

ඔහු සිය අභියාචනයෙන් පෙන්වා දී ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි ප්‍රසිද්ධියට පත්ව තිබුණත් ඩුබායිහිදී කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා එල්ලවී නැති බවයි. තමන් ඩුබායි දේශයට කෝටි ගණනක මුදල් ගෙන ආ ආයෝජකයෙක් බවත්, තමන් ඩුබායි දේශයේදි කිසිදු අපරාධයකට සම්බන්ධ නොමැති පුද්ගලයෙකු බවත් ඔහු එරට අධිකරණයට පෙන්වා දී තිබේ.

ඩුබායි දේශයේ කෝටි ගණනක මුදල් ආයෝජනය කරනා තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළ හොත් ඩුබායි දේශයට විශාල ආයෝජන මුදලක් අහිමි වන බවද මදූෂ්ගේ නීතිඥයන් එරට අභියාචනාධිකරණයට දන්වා තිබේ. මදූෂ් වෙනුවෙන් ඉතා ඉහළ මිල ගණන් අය කරනා නීතිඥයන් පෙනී සිටින බව වාර්තා වේ.

ඩුබායි අධිකරණයන් මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය කුමක්දැයි මෙතෙක් පැහැදිලි නැති අතර මෙරට නීතිපති දෙපාර්තමේන්තුව ද ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව සඳහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *