මධුෂ් සමග ඩුබායි පොලිසියේ සිටි ‘ලාංකිකයා’ වසර නවයක් සිපිරිගෙට – මධුෂ්ගේ ඉරණමට දින නියමයක් නෑ

මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසට එරෙහිව නීතිමය කටයුතු සිදුවන දිනයක් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් බර් ඩුබායි පොලිසිය මගින් නිකුත් කර නොමැති බව වාර්තා වනවා.

එරට සිටින truenews.lk වාර්තාකරු සඳහන් කළේ අපචාර,මත්ද්‍රව්‍ය සහ මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් ඕනෑම කාලයක් රඳවා ගැනීමේ අවස්ථාව එරට පොලිසියට හිමිව ඇති බවයි.

අපරාධ නොවන නඩු පැය 24ක් තුළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට වන නීතියක් පමණක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බර් ඩුබායි පොලිසිය තුළ විශාල සිරමැදිරි ප්‍රමාණයක් ඉදිකර ඇති බවත් වසර ගණනාවක් ඇතැම් සැකකරුවන් රඳවා සිටින බවත් වාර්තා වනවා.

මේ අතර මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස බර් ඩුබායි පොලිසිය විසින් සිර මැදිරියේ රඳවනු ලැබූ අවස්ථාව වන විට අවුරුදු 1මාස 9ක කාලයක් එහි රඳවා සිටි ලාංකිකයෙකු සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටි මෙම පුද්ගලයාට දැනට දින කිහිපයකට පෙර වසර 9ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *