කෝටිපති ව්‍යාපාරිකයන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් අදින සංවිධානාත්මක මාෆියා කල්ලියක් ගැන ජාත්‍යන්තර බුද්ධි අංශවල සහාය ඇතිව මෙරට බුද්ධි අංශ පරීක්ෂණ පවත්වයි.
මේ මාෆියා කල්ලිය කෝටිපති ව්‍යාපාරිකයගේ සහ එවැනි විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ වෙනත් මූල්‍ය තැන්පතුවලට අදාළ දත්ත සොරකම් කරමින් සහ විවිධ උපක්‍රම භාවිතා කර වෙබ් අඩවිවලට රිංගා ඒවාගේ දත්ත සොරකම් කර ඔවුනේගේ ධනය ඇද ගන්නා බව හෙළි වී තිබේ.
මොවුන් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් හා සබඳතා පවත්වාගෙන යන බවද බුද්ධි අංශ අනාවරණය කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ විශේෂ පරිගණක අපරාධ මෙහෙයුම් ඒකකය ද මෙම මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටියි.
මෙම කල්ලිය මේ වන විට ලෝකයේ ප්‍රබල ලෙස මත්කුඩු සහ වෙනත් ජාවාරම්වලට සම්බන්ධ පාතාල කල්ලිවල සබඳතා පවත්වාගෙන යන කල්ලියක් විය හැකි බවට ද සැක කෙරේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරිගණක අපරාධ පිළිබඳ මෙහෙයුම් ඒකකයට ලැබී ඇති තොරතුරුවලට අනුව දෙස් විදෙස් රටවල්වලින් එක් කර ගන්නා තාක්ෂණික වශයෙන් ඉහළ දැනුමක් ඇති විවිධ දක්ෂ පුද්ගලයන් මෙම ජාවාරමට සම්බන්ධ කරගෙන, ඒ හරහා මෙම ජාවාරම්කරුවන් ලෝක ධනවතුන්ගේ ධනය සූරා ගැනීම ඉතාමත් සූක්ෂමව කරගෙන යයි.
මේ වන විට ලෝකයේ විවිධ රටවල ධනවතුන් කෝටි පහකට වැඩි පිරිසකගේ ධනය මෙම කල්ලිය සූරා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇත.
ඒ අතර ලංකාවේ ධනවතුන් පමණක් නොව විවිධ පුද්ගලයන් පන්සීයකට වැඩි පිරිසකගේ බැංකු ගිණුම් ක්‍රෙඩිට් කාඩ් පත් චෙක්පත් ඇතුළු විවිධ දත්ත සොරා ගෙන වෙබ් අඩෙවිවලට ද රිංගා ධනය සොරකම් කර ඇති බවට රහස් පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මේ පැමිණිලි සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය මේ වන විට විදේශිකයන් ඇතුළු සියයකට වැඩි පිරිසක් පසුගිය මාස කිහිපයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් විවිධ පුද්ගලයන්ගේ ඒ ටී එම්, ක්‍රෙඩිටි කාඩ් පත් බැංකු චෙක්පත් ආදිය සම්බන්ධ තොරතුරු සොරකම් කර ගෙන කෝටි ගණනක මුදල් සොරකම් කරගෙන තිබේ.
මොවුන් පිටුපස මහා පරිමාණ පරිගණක අපරාධ කල්ලි සිටින බවටත් එමකල්ලි සාමාජිකයන් විවිධ රටවලට ගොස් මේ ආකාරයෙන් මූල්‍ය තොරතුරු සොරකම් කර ඇති බව පවසන රහස් පොලීසිය, අමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව, රුසියාව වැනි රටවල ලොව පුරා සාමාජිකයන් සම්බන්ධ කරගෙන යන ප්‍රබල පරිගණක අපරාධ කල්ලි කිහිපයක් ක්‍රියාත්මක වන අතර මෙරට හොර රහසේ එම ජාවාරම කරගෙන යන පිරිස ද එම පරිගණක අපරාධ මාෆියා කල්ලිවලට සම්බන්ධ අය බව කියයි.
මේ සම්බන්ධයෙන් මහ බැංකුව කියා සිටින්නේ මූල්‍ය ගනුදෙනුවල දත්ත සොරකම් කර ගෙන මහා පරිමාණයෙන් ධනය සූරා කන අපරාධ කල්ලි ලොව පුරා සිටින අතර මෙරට සිදුවන එම සොරකම් වලට ඔවුන්ගේ සම්බන්ධයක් ඇතැයි යන්න බැහැර කළ නොහැකි බවත් මෙරට බැංකු සමඟ ගනුදෙනු කරන පිරිසගේ මූල්‍ය ගනුදෙනුවල ආරක්ෂාව වෙනුවෙන් එම මූල්‍ය ආයතනවලට සූක්ෂම උපක්‍රම හඳුන්වා දී ඇති බවත් ය.
එවැනි සූක්ෂම උපක්‍රම හඳුන්වා දී තිබියදීත් පරිගණක අපරාධ කල්ලි පසුගිය කාලයේ දී මෙරට බැංකු ගිණුම් විශාල ප්‍රමාණයක මුදල් සොරකම් කර ගෙන තිබේ. ඒ පිළිබඳ පැමිණිලි රහස් පොලීසියට ලැබී ඇත.
අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් රහස් පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. ඒ අනුව මේ වන විට කාලයක් තිස්සේ රහස් පොලිසිය කර ඇති මූලික පරීක්ෂණවලට අනුව අන්තර්ජාල පරිගණක අපරාධ කල්ලි ලෝකයේ විවිධ පරිගණක අපරාධ මාෆියා කල්ලි සමඟ සම්බන්ධව මෙම මුදල් සූරා කෑම සිදුකරන බවට තොරතුරු හෙළි කරගෙන ඇත.
මේ අතර පරිගණක අපරාධ කල්ලි බැංකු ගිණුම් සූරා කෑම වැළැක්වීමට දැනට ක්‍රියාත්මක කරණ උපක්‍රමයන්ට එහා ගිය නව තාක්ෂණය හා සබැදි සූක්ෂම උපක්‍රම ගණනාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.