මධුෂ්ගේ බිරිඳ එයි – ඒ තම සැමියා බවට හඳුනා ගනී (PHOTOS )

අද (20දා) අලුයම මාළිගාවත්තේදී වෙඩි වැදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මෘත ශරීරය පිළිබඳව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතින්ට භාර දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
කොළඹ අංක 4 මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මාකඳුරේ මඳුෂ්ගේ සිරුර බිරිඳ විසින් හඳුනාගත් බවත් ඔහු ප්‍රකාශ කළා.
මෙම මෙහෙයුමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මාලිගාවත් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය වැඩිදුරටත් පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ,
“මේ සිද්ධියෙන් තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරු දෙදෙනා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් මේ මරණයට අදාළ පරීක්ෂණ මේ වන විටත් සිදුකරමින් සිටිනවා. විශේෂයෙන් මේ මෙහෙයුමට සහභාගී වු පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි ඉදිරියේ දී අධිකරණය ඉදිරියේ මෙහෙයවීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මාලිගාවත්ත පොලීසිය විසින් මේ මරණයට අදාළ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා. එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ වැටලීම පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා. ඒ වගේම ඒ ස්ථානයේ තිබූ යතුරුපැදියක් සම්බන්ධයෙන් ද  යම් තොරතුරු ලබා ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.“ 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *