මහේල ප්‍රකාශයක් නොදීම පිටවේ – බොරු නොකියන්නැයි මාධ්‍ය ඔස්තාර්ලාට දැනුම් දෙයි(VIDEO)

තමන්ට නිල වශයෙන් පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර නොමැති බව පවසමින් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර ඔහුගෙන් 2011 ලෝක කුසලාන අවසන් තරගයේදී පාවාදීමක් සිදුවු බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවයි වාර්තාවන්නේ.

ඔහු පෙරවරු 9 ට එම ඒකකය වෙත පැමිණි බවයි.

කෙසේ වෙතත්, එහි ප්‍රකාශකයෙකු මීට පෙර සඳහන් කළේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, අද දිනයේදී කැදවීමට අපේක්ෂා නොකරන අතර, ඒ වෙනුවට වෙනත් දිනයක් ලබාදෙන බවයි.

මහේල ජයවර්ධන එහිදී මාධ්‍ය වෙත සඳහන් කළේ තමන් පුද්ගලික හේතුවක් මත කියමින් අද දිනයේ ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන බවට ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබූ නිසාම අද දිනයේ මෙහි පැමිණි බවයි.

තමන් නිකුත් නොකරන නිවේදන අසත්‍ය පරිදි මාධ්‍යවලට අවශ්‍ය ලෙස නිකුත් නොකරන ලෙසයි ඔහු මාධ්‍ය වෙතින් ඉල්ලා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *