ස්වර්ණවාහිනිය යළිත් උණුසුම්..CEO ගලවා ගැනීමට පොලිසිය පැමිණේ – වීඩියෝව මෙන්න

ස්වර්ණවාහිනී නාලිකාවේ සේවයෙන් ඉවත් කරන ලද බවට පාලනාධිකාරිය විසින් දැනුම් දුන් ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා මහතා අද (21) යළිත් ආයතන පරිශ්‍රයට පැමිණීම නිසා අර්බුධකාරී තත්ත්වයක් මතු වුණා.

සේවකයන් මෙහිදී නොසන්සුන් වීම නිසා පොලිසිය කැඳවා ඔහුව ආරක්ෂිතව රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.

ස්වර්ණවාහිනියේ සේවකයන් විසින් වෘත්තිය සමිතියක් ආරම්භ කළ අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය තහනම් කිරීමට ප්‍රධාන විධායක නිලධාරිවරයා කටයුතු කිරීමත් සමග පසුගිය දින කිහිපයේ ස්වර්ණවාහිනයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබෙනවා.

අද දවසේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පහතින් නැරඹිය හැකියි.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *