රටේ පාලනය බාර ගැනීම ගැන යුදහමුදාපති කරුණු කියයි

කෙටි කලකට හෝ රටේ පාලන බලය ලබාගන්නා ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් ඊට තමන් ප්‍රතිචාර දක්වා ඇති බවටත් සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රතික්ෂේප කරනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව යනු වෘත්තීය විනය ගරුක හමුදාවක් බවයි. එබැවින් කිසිඳු නීත්‍යානුකූල නොවන කටයුත්තකට යුද හමුදාව සම්බන්ධ වන්නේ නැහැ.

රටේ ජනතාව යුද හමුදාව පිළිගෙන ඇති බවත් ජනතාවගේත් රටේත් ආරක්ෂාව සැපයීම යුද හමුදාවේ ප්‍රමුඛ වගකීමයි.

“සේනාධිනායකයාට හෝ ව්‍යවස්ථාවට කිසිඳු විටෙක එරෙහිව කටයුතු කරන්නේ නෑ” යනුවෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *