මහිලාල් මෙහෙවර නිම කරයි

ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ මහිලාල් සෙනෙවිරත්න මහතා ඊයේ (27දා) අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට මහිලාල් සෙනෙවිරත්න මහතා 65 වැනි වියේ පසු වුණා.

එජාපයේ නිල පුවත්පත වූ ‘සියරට’ පුවත්පතේ කර්තෘවරයා ලෙස මාධ්‍ය ජීවිතය ඇරැඹූ සෙනෙවිරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කාලයක් කටයුතු කළා.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකව සිටියදීද ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ ඔහු තවත් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ මාධ්‍ය ලේකම් ලෙස සේවය කර තිබෙනවා.

දේහය තලංගම, කොස්වත්ත නව නුවර පාරේ අංක 400 – බී ලිපිනයේ පිහිටි මහින්ද පනාගොඩ සහ සමාගමේ අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (28දා) සවස 4.00ට තලංගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *