චීනයට අප රටේ රිළවුන් ලබා දියහැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
චීනයේ පුද්ගලික සත්වෝද්‍යාන දහසක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශව විවිධ අදහස් පළ කර තිබේ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙලෙස පැවසීය.
“බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරනවා . ඒ වගේම තවත් සමහරු වල්ගේ පාගා ගෙන කතා කරන බවකුත් පෙනෙනවා.
අපේ රටේ රිළව් ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලිම ඉදිරිපත් වුනත් ඒ සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මෙම කටයුතු පිළිබඳව පවතින නීත්‍යානුකූල භාවය ගැනත් අපි සළකා බැලිය යුතුයි. ඒ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව , සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනවා.
එම කමිටුව පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මතයි. මේ සඳහා මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.
චීනයට රිළවුන් ලබා දීම සිදු කරන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන කමිටුවේ නිර්දේශය මත පමණයි. යම් හෙයකින් කමිටුව තීන්දු කළ හොත් චීනයට අපේ රිළවුන් දීමට හැකියාවක් නැති බවට තීරණය කළහොත් මෙම කාරණය එතැනින් අවසන් වෙනවා.
ඒ නිසා බොරුවට කළබල වීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් වගා හානි සම්බන්ධව රිළවුන්ගෙන් එල්ල වන තර්ජනයත් සුළුපටු නැහැ. 2022 වසරේ පළමු මාස හය තුළ මේ රටේ පොල් ගෙඩි මිලියන 93ක් රිළවුන් හා දඩුලේනුන් විසින් විසින් විනාශ කර තිබෙනවා. 2022 වසර අවසන් වනවිට එම ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200 ඉක්මවා තිබෙනවා.
රිළවුන් නිසා වගාවන්ට සිදු වන හානි ගැන ගොවි ජනතාව වෙතින් අසා දැන ගත හැකියි. ඒ නිසා මෙම ගැටළුව කාලයක් තිස්සේ පවතින කිසිදු විසඳුමක් නැතිව පවතින ප්‍රශ්නයක්. රිළව් චීනෙට ලබා දීමට විරුද්ධව අදහස් දක්වන අය ඒ සඳහා විකල්ප විසඳුම් ඉදිරිපත් කරන්නෙත් නැහැ.“
ඒ නිසා මෙම ගැටළුව පිළිබඳව විවෘත මනසකින් යුක්තව කතා කළ යුතු මාතෘකාවක් බවට පත්ව තිබෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
Rilawunta vadaa vinaasayak kala evun me rate nedda? Anna evun Cheeneta nevei Thuththukudiyata hari apanayanaya korahan Rilaaweerayo mongal katha nokiya. Me ratata rilaw aave ada da? Mun mechchara kalak mehe hitiye nedda? Katta kairaatika duushitha set ekak me rata bankoloth kalaata rilaw palida?