මහින්දට සහ බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන නියෝගය සැප්තැම්බර් මස 05 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතීවාසිකම් පෙත්සම් දෙකක් අද සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published.