ගහයි කියලා හිතුවට මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ ..

අරගලයට පහර දීමට තමන් නොගිය බව ගුටි කෑ මහින්ද කහඳගම මහතා පවසනවා.තමන් නගර සභාවට පැමිණි විට එහි සිටි මන්ත්‍රීවරුන් තමන්ට දැඩි ලෙස චෝදනා කල බවත් ඉන් අක් අයෙකු විසින් වෙනත් පිරිසක්ද සම්බන්ධ කරගෙන තමන්ට මෙලෙස පහර දුන් බවයි ඔහු කියා සිටින්නේ.

රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්චාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

පහර දීමක් පිළිබඳව තමන්ට දැනුනු බවයි ඔහු පවසන්නේ.එමෙන්ම තමන් රෝහලේ සිටියදී කවුරුන් හෝ අයෙකු විසින් තමාගේ අතේ 69 අංකය සහිත කාර්ඩ්පත ගැට ගසා ඇති බවද ඔහු පවසනවා.

විවිධ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සාදාගෙන තමන්ට සහ තම රේඛා දියණියට සිදු කරන අපහාස වලින් තමන් දැඩි ලෙස මානසික පීඩනයකට ලක්ව සිටින බව කහඳගම මහතා පවසනවා.

මේ අතර දැනට සිරගතව සිටින සිරකරුවෙකු විලසින් මහින්ද කහඳගම මහතාට ලැබෙන දුරකථන ඇමතුමක් අද දිනයේදී සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.එම ඇමතුම පහතින්.

You May also like

Leave a Reply

Your email address will not be published.