සයින්දමරුදු මුස්ලිම් ජනතාවට වෙනම නගර සභාවක්.. කල්මුනේට උප කාර්යාලයක් – මහින්ද එකඟ වේ

මඩකළපුව දිස්ත්‍රික්කයේ කල්මුනේ නගර සභා බල ප්‍රදේශයට අයත් සයින්දමරුදු නගරය වෙනම නගර සභාවක් ලෙස ස්ථාපිත කිරීමට ඊයේ (6) පස්වරුවේ අගමැතිවරයා සහ නැගෙනහිර පළාතේ රාජ්‍ය නිළධාරීන්, ජනතා නියෝජිතයන් සමග පැවති හමුවකදී තීරණය කර තිබෙනවා.

එම ප්‍රදේශය කල්මුනේ නගර සභාවේ කොටසක් ලෙස පැවතීමෙන් සයින්දමරුදු වැසියන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් වෙනම නගර සභාවක් ස්ථාපිත කිරීමට නියමිතයි.

සයින්දමරුදු ප්‍රදේශය සඳහා වෙනම නගර සභාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ උතුර ප්‍රාදේශීය උප කාර්යාලයක් ලෙස උසස් කිරීම සඳහා ද තීරණය කර තිබෙනවා.

මීට අමතරව දෙහිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිළධාරී වසම් සංඛ්‍යාව දහතුනේ සිට හතළිස් හය දක්වා වැඩි කිරීමට ද නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *