මහින්ද හෙට ඉන්දියාවට

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට(09) දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.

හින්දු පුවත් පත මඟින් හෙට සහ අනිද්දා දිනයන්හිදී ඉන්දියාවේ බංගලෝර්හි දී පැවැත් වීමට නියමිත සමුළුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක් වෙයි. මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත් වීම සඳහා රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී ඇත.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අනාගත සම්බන්ධතාවයන් මුලික කර ගනිමින් මෙම දේශනය පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා ඇෆ්ගනිස්ථාන, මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරුන්ට සහභාගී වීමට නියමිතයි.

මෙයට සචින් තෙන්ඩුර්කාර් හා කරන් ජොහාර් හා පද්මා ලක්ෂ්මි වැනි අයද එක් වීමට නියමිත බව වාර්තා වෙයි.

You May also like

1 Comment

  1. 2nd visit for last 6 months. Deals.. deals..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *