‘ජාතික සභාවේ’ වගකීම් මෙන්න

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) පළමුවරට ‘ජාතික සභාව’ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

කෙටි, මධ්‍යම, සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා සියලු පක්ෂවල එකඟතාවයෙන් මග පෙන්වීම ‘ජාතික සභාවේ’ ප්‍රමුඛ කාර්යයක්ද වනවා .

ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇතිකර ගැනීම ජාතික සභාවේ තවත් වගකීමක්.

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් , විශේෂ කාරක සභාවල සභාපතිවරුන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරික්ෂකයන් සහභාගී වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමද මීට අයිති වනු ඇති

ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැදවීමේ බලයද ‘ ජාතික සභාවට හිමිවනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *