අමාත්‍ය රවී කරුණානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ සංවිධායක ලෙස පත් කිරීමට තමන්ට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා පවසා තිබෙනවා.
නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි පිරිනැමීමේ අවස්ථාවක් අතර රවී කරුණානායක අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණීමත් සමග ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විශේෂ රැස්වීමක සිටින බව ඇමැතිවරයාට කීවත් ඔහු ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක් වූයේ එවන් අවස්ථාවක වුව රවී පැමිණියහොත් ජනාධිපතිවරයා ඔහුට එතනට ද කතා කිරීමේ පුරුද්දක් තිබූ නිසායි.
ජනාධිපතිවරයා සිටි නිල කාමරයට අමාත්‍යවරයා ඇතුළු වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලූත් ආසන සංවිධායකයන් 8 දෙනෙකු ඇතුළු කණ්ඩායමකට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් සිටි ජනාධිපතිවරයා දොර ඇරගෙන පැමිණි අලූත් අමුත්තා දෙස හැරී බලා තිබෙනවා.
‘ආ මේ අපේ රවී කරුණානායක ඇමැතිතුමා නේ… එන්න එන්න ඔබතුමාටත් අලූත් පත්වීමක් දෙන්න මට පුළුවන්…. මම ඔබතුමාව අපේ කෝට්ටේ නව සංවිධායක විදිහට පත් කරලා ගන්නම්… මොකද කියන්නේ….’ යනුවෙන් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ මුළු සභාවම සිනහ ගන්වමිනි.
දයාසිරි ජයසේකර, එස්. බී. දිසානායක, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය,ශාන්ත බණ්ඩාර, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් එම අවස්ථාවේ එහි රැඳී සිටි බවයි වාර්තා වන්නේ.