මෛත්‍රීගේ පුතා පොලිසියෙන් ගුටිකෑවේ අයියා මල්ලී මාරුවෙලාලු

හිටපු ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්නගේ බාල පුත් මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී පහරදීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.

පසුගිය 23 වනදා මුදල් වංචාවක් සම්බන්ධයෙන් හෙරොයින් සමඟ නයිජිරියන් ජාතිකයින් 4 දෙනෙකු, බෙලරූස් කාන්තාවන් දෙදෙනෙකු, ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සහ කාන්තාවක් කැළණිය පොලිසිය අත්අඩංගුවට ගත් අතර එම එක් කාන්තාවක නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ සේවාදායකයෙකු බව පැවසිණි.

ඇයට ආහාර පාර්සලයක් ලබාදීම සඳහා මිගාර ගුණරත්න පොලීසියට ගියවිට මිගාර සිය ජංගම දුරකථනයෙන් ඇයට දුරකථන ඇමතුමක් ලබාගැනීමට අවස්ථාව සලසද්දී පොලිස් නිලධාරියෙකු එය සිදුනොකරන ලෙසට දැනුම් දී බහින් බස්වීමක් ඇතිවී පහරදීම් සිදුව ඇතැයිද වාර්තාවූ අතර මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් මේ ආකාරයට පහරදීමක් සිදු කරන්නට තරම් හේතුවක් සිදුවීමේ හඳුනාගන්නට නොලැබෙන අතර නීතී සිසුවෙකුවූ මිගාර කෙරෙහි පොලිසියමෙතරම් උරණ වූයේ ඇයිද යන්න ගැටලුවක්වී තිබුණි.

නමුත් මේ ගැන වැඩිදුර විමසීමේදී පොලිසියේ නිලධාරීන් මිගාරගේ අයියා වන චරිත ගුණරත්න සමග පෙර ආරවුලක් තිබී ඇති බවත් චරිතගේ හැඩරුවම ඇති මිගාරව පැටලී මෙම පහරදීම සිදුකර ඇති බවත් අනුමාන කෙරේ.

තම සහෝදරයාට තුවාල සිදුවන අයුරින් පහර දුන්නේ තමා යයි වැරදීමෙන් බව හිටපු ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්නගේ වැඩිමහල් පුත් නීතීඥ චරිත ගුණරත්න කියා තිබේ.

ඔහු පවසන්නේ පසුගිය 23 වැනිදා මුදල් වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිරිසක්
වෙනුවෙන් නෛතික කටයුතු කරන තම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාගේ උපදෙස් මත පෑලියගොඩ පොලිසියට ගිය තමන්ට මෙම අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ට දැඩි සේ පහර දී ඇති බවත් එහිදී තමන් සමඟ ද මෙම පොලිස් නිලධාරීන් වාදයක පැටළුණු බවත්ය.

“මම විශේෂ අපරාධ විමර්ශන ඒකකයට යනවිට දැන ගන්නට ලැබුණා අපේ සේවාදායකයන්ට දැඩි ලෙස පොලිසියේදී හිරිහැර කර ඇති බව. ඔවුන් මත්ද්‍රව්‍ය චෝදනාවලට පටළවන බවට පොලිසිය තර්ජනය කර තිබුණා. පොලිසිය කියන ආකාරයට කියන්නැයි දන්වා තිබුණා. මගේ සේවා දායකයාට ඇවිත් මේ තර්ජනය කරමින් සිටි පොලිස් නිලධාරියා කවර නිලයක කෙනකුදැයි මට හරියටම අවබෝධ කර ගන්න බැරිවුණා. ඔහු සිවිල් ඇඳුමින් සිටියෙ. මම ඔහුට සාජන් මහත්තයා කියල කතා කළේ මං මගේ නීතීඥ සංගමයේ නිල හැඳුනුම්පත පෙන්නුවා. ඔහු එය සටහන් කරගෙන මාත් එක්ක වාදයක පැටලුණා. මං ඇහුවා ඇයි සිවිල් ඇඳුමකින් ඇවිත් මෙහෙම තර්ජන කරන්නෙ කියා. ඔහු මට චෝදනා කළා බීමත්ව සිටිනවා කියල.

මම කීවා එසේ නම් ඒ බව තහවුරු කර ගන්න මාව පරීක්ෂණයට ලක් කරන්න කියල. මගේ වෘත්තීයභාවය පිළිබඳවත් කිසිදු තැකීමක් නැතිව මට ඉවත් වන ලෙසට තර්ජනය කළා. මේ නිසා මම ඔවුන්ගේ වෘත්තියභාවයක් නොමැති හැසිරීම් පිළිබඳව ශ්‍රි ලංකා නීතීඥ සංගමයට පැමිණිලි කළා. ඒ වගේම අදාළ පොලිස් අංශත් දැනුවත් කළා. අපේ සේවා දායකයා සිටි තත්ත්වය අනුව ඔහුගේ
ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් අපගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය දෙයක් බව ඔවුන් විශ්වාස කළා.
මේ නිසා තමයි මම පසුගිය 25 වනිදා නීතී විද්‍යාලයයේ තුන්වැනි වසරේ ශිෂ්‍යයක් වන මගේ මල්ලී ,
මිගාර මෙම සැකකරුවාට රාත්‍රි ආහාරද සමඟ එතැනට යැව්වේ. ඔවුන්ට එදා මල්ලිවයි මාවයි පැටලිලා. තමුසේ එදාත් දැම්මනේ සද්දේ දැන් කෝ සද්ද කියල වැරදීමකින් තමයි මල්ලිට මේ විදිහට අමානුෂිකව පහර දී තිබෙන්නේ. තාත්තාගෙ නම කියන කොට තමයි පහරදීම නවත්තලා තියෙන්නේ“

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *