මෛත්‍රී ඉවතට – නව නායකයා තරුණයෙක්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා වැටී ඇතැයි ඇතැමුන් පැවසුවද එවැන්නක් සිදුවී නැතැයිද ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කළුතරදී පැවති ජනහමුවක් අමතමිනි.

ශ‍්‍රීලනිපය යම් පසුබෑමක තිබුණත් පක්‍ෂයට අනාගතයක් ඇති බවත් පක්‍ෂය තරුණ පරපුරට බාර දී තමන් අනුශාසකවරයකු ලෙස සිටින බවත් ඔහු එහිදී සඳහන් කලා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සාම්ප්‍රදායික දේශපාලනටෙන් තොර උගත් තරුණ නව අදහස් සහිත දැනුමක් ඇති පිරිසකට භාර දිය යුතු බවද ඔහු එහිදී තවදුරටත් ස්කංදහං කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *