මෛත්‍රීට නියෝජ්‍ය අගමැතිකම් දෙන්නේ නෑ..ඇමතිකම නොදුන්නෙත් හේතුවක් නිසයි – බරපතල චෝදනා සහිත හේතුව මෙන්න

ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී අලුතින්ම නියෝජ්‍ය අගමැති තනතුරක් නිර්මාණය කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා කටයුතු නොකරන බව රජයේ ප්‍රබලයෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

ව්‍යවස්ථාවට පිටින් නව තනතුරු පිහිටුවීමේ කිසිදු අදහසක් ආණ්ඩුවට නොමැති බව ඔහු සඳහන් කර තිබුණා.

මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිදු අමාත්‍ය ධූරයක් ලබා නොදුන්නේ මේ වනවිට සිදුකෙරෙන පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනවලදී මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ ප්‍රහාරය පිළිබදව දැනුවත්ව සිට ඇති බවට තහවුරු වීම නිසා බවද දැනගන්නට තිබෙනවා.

බුද්ධි අංශ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් කොමිසමට සදහන් කොට ඇත්තේ ප්‍රහාරය සිදුවූයේ අප්‍රේල් මස වුවත් ඒ සම්බන්ධයෙන් ජනවාරි මස සිරිසේන ජනාධිපතිවරයාද සිටි ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ලිඛිතවම ඒ පිළීබද දැනුම් දී ඇති බවයි.

එමනිසා අදාළ වාර්තාව පැමිණෙන තෙක් සිරිසේන මහතාට කිසිදු අමාත්‍ය තනතුරක වගකීමක් නොදීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව පැවසෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *