උසාවි නියෝගයට කීකරු වෙමින් මෛත්‍රී පැජට් පාරේ නිළ නිවසින් ඉවත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැජට් පාරේ නිළ නිවසින් ඉවත් වී ඇතැයි වාර්තා වේ. සිරිසේන මහතා පසුගිය සතියේදී එම නිවසින් ඉවත් වී කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි වෙනත් නිවසක පදිංචියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇමතිවරුන්ගේ භාවිතයට තිබූ නිවාස කිහිපයක් එකට එකතු කර මෙම නිවස අළුත්වැඩියා කර මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී තිබුණේ ඔහු ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමේදීයි.

කෙසේ නමුත් මෙම නිවස ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය අවලංගු කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. පෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම් විභාගය අවසන් වනතෙක් හිටපු ජනාධිපතිවරයාට අදාල නිවසේ වාසය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. ඒ පසුගිය මාර්තු 29 වැනිදායි.

You May also like

Leave a Reply

Your email address will not be published.