මුදල් නොගෙවීම නිසා ජනපතිගේ දුරකථනයත් කපලා

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ස්ථාවර දුරකථන සම්බන්ධතා ඊයේ (26) දිනයේ සිට විසන්ධි කර ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගේ දුරකථන සම්බන්ධතාවය, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ දුරකථන සම්බන්ධතාවය, අමාත්‍යාංශ ලේකම්වරයාගේ දුරකථන සම්බන්ධතාවයේ සිට සියලූම ස්ථාවර දුරකථන සම්බන්ධතා ඇන හිට තිබූ බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊයේ දිනය පුරාම ස්ථාවර දුරකථන සම්බන්ධතා විසන්ධි කර තිබීම හේතුවෙන් අමාත්‍යාංශයේ කටයුතු බොහෝමයක් ඇන හිට තිබූ බවද එහි දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍යාංශයේ ඉහළ නිළධාරියකු සඳහන් කළේ උදෑසන සිටම ස්ථාවර දුරකථන සම්බන්ධතා ක‍්‍රියා නොකළ බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වලින් කළ විමසීමකදී මුදල් ගෙවා නොමැතිවීම හේතුවෙන් ස්ථාවර දුරකථන සම්බන්ධතා විසන්ධි කර තිබූ බවට දැනුම් දුන් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය බත්තරමුල්ල පිහිටි සොබාදම් පියස ගොඩනැගිල්ලේ පිහිටා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *