මෛත්‍රී යළිත් ආප්ප කෑමට සුදනමින්ද – ඔහු තැබූ සටහනක් ආන්දෝලනයට ලක්වේ

‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’ යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.

කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු අමාත්‍ය ධූරයක් හිමිනොවුණු අතර ඉන් අනතුරුව මෙම සටහන ඒ මහතා විසින් තබා තිබීමද විශේෂ සිදුවීමකි.

2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්ෂ රජයේ අමාත්‍යවරයකුව සිටිමින් ඉතා රහසිගත ලෙස විපක්ෂය සමග දේශපාලන ගනුදෙනුවක් සිදු කොට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට පියවර ගත්තා.

එහිදී ආණ්ඩුවෙන් එළියට බසින්නට පෙර දින පවා කිසිදු වෙනසකින් තොරව අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එකට ආප්ප කෑමටද මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *