“ගෝඨාට මට වූ දෙයම වෙලා.. කිසිම බලයක් නෑ” – මෛත්‍රී කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ට සිදුවූ දෙයම සිදුව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එනිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කළා.

“2018 නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ 17ක්.ජනපති ගෝඨාභයගේ ජයග්‍රහණයටත් ඒක ශක්තියක් වුණා.දැන් අප්‍රේල් මාසෙ මහමැතිවරණය එනවා.අත්සන් කළ ගිවිසුම් අනුව එකට තරග කරනවා.

ජනපති ගෝඨාභයට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ.මම ජනපති වුණ වෙලාවේ මට වෙච්ච දේම තමයි එතුමාටත් වෙලා තියෙන්නේ. එදා මහින්දට ආසන 142ක් තිබුණා.නමුත් ආසන 47ක් තිබූ රනිල්ව අගමැති කළා.නමුත් පළමු වසරේ මහින්ද මට සහයෝගයක් දුන්නා. ඒ නිසා ජනපති ගෝඨාභයට ඒ බලය දෙන්න ඕන.ඒකට තමයි අපි මේ වැඩ කරන්නෙ.පාර්ලිමේන්තුවේ 2/3කට වැඩි බලයක් ලබාදීලා ආණ්ඩුවේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙන්න.

 

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.