පොහොට්ටු සාකච්ඡා ඉවරයි අවසානයේ මෛත්‍රි ශ්‍රීලනිපයෙන් වෙනම ජනපති තරගයට

එළැඹෙන ජනපතිවරණය සඳහා ශ්‍රීලනිපයෙන් තරගකරුවෙකු ඉදිරිපත් කරන බව ඊයේ (5) නිල වශයෙන් වාර්තා කෙරිණි. පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මේ ගැන මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇත.

ඒ කාරණාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ජනමාධ්‍ය වෙත නිල වශයෙන් රාත්‍රී 9 ට පමණ තහවුරු කළේය.
ඔහු අපේක්ෂකයා කවුරුදැයි දන්වා සිටියේ නැති නමුත් දේශපාලන ආරංචි හෙළි කරන්නේ ඒ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන බවයි.

මෙම වෙනස ගැන මීට දින කිහිපයකට පෙර මහින්ද අමරවීර මන්ත්‍රීවරයාද ඉඟි කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඒකාබද්ධවී තනි අපේක්ෂකයෙකුට සහය දැක්වීමේ අරමුණ ශ්‍රීලනිපය වෙනස් කරගෙන තිබෙන අතර මේ නිසා බිම් මට්ටමින් ශ්‍රීලනිපයේ බෙදීමක්ද නිර්මාණය වීමට අවස්ථාව සැලසී ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *