මධූෂ් ඇතුළු පිරිස ගැන විමර්ශණයට පත් කළ කමිටුව

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඒ සඳහා හත්දෙනෙක් පත්කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ..

“ඩුබායි වලින් පිටුවහල් කරන තැනැත්තන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීම සඳහාත් ඒම විමර්ශන සම්බන්ධීකරණය කිරීම සඳහාත් ඒ විමර්ශනවල නියතු නිලධාරීන් නෛතික උපදෙස් ලබාදීම සඳහාත් පොලිස්පතිතුමා විසින් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටවනු ලැබුවා.

මේ කමිටුවේ සභාපති ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා කටයුතු කරනවා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාත්ත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර වන මමත්, කොළඹ දකුණු කොට්ඨාසය භාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාත්, කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමන්ත මහතාත් පත්කර තිබෙනවා”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *