මාකඳුරේ මදූෂ් සියලු කරුණු හෙළි කරයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් සිය සම්බන්ධතා, අපරාධ කි‍්‍රයාකාරකම් සහ අවි ආයුධ සඟවා ඇති ස්ථාන ඇතුළු ඉල්ලා සිටින සියලු කරුණු හෙළි කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තමන්ට ජීවිත දානය ලබා දෙන ලෙසයි ඔහු නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

මාකඳුරේ මදූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිටම හැඬුම්බරව සිටින බවද වාර්තා වුණා.

යම් බියපත් ස්වරූපයක්ද ඔහු කෙරෙන් නිරීක්ෂණය වන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඩුබායිහිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මදූෂ් එරටින් පිටුවහල් කිරීමෙන් පසු පෙරේදා (05) ශී‍්‍ර ලංකාවට පැමිණියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන්තොටුපලේදීයි. ඔහුගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප‍්‍රශ්න කරනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *