“අවසන් හුස්ම රකිනෙමි ලක් මෑණි නමින්'” – මාකඳුරේ මධුෂ් ලියූ කවිපෙළ කතාබහට ලක්වේ

මාකඳුරේ මධුෂ් ලියූ ශෝක පණිවිඩයක් පිළිබඳව මේවනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබෙනවා.

ඔහු එය 2018 වසරේ ලියා ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මිය ගිය සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් නම්වූ සිය පියාගේ අවසන් ගමන වෙනුවෙනුයි.

එම ශෝක පණිවුඩය ඩිජිටල් බැනරයක ප්‍රදර්ශනය කර තිබූ අතර, යන එන අය සඳහා බෙදාදීමට හැකි පරිදි අත් පත්‍රිකාවක ද මුද්‍රණය කර තිබුණා.

එහි සඳහන් වූ කරුණු පහතින් දැක්වෙනවා.

‘එක කුස උපන් සොයුරා උදුරාගෙන ‍මෙලොවේ
පරසතු කුසුම් පිපුණා පාලක ලෝකේ
අවිය අමෝරා ගනු ලෙස වෙන කිසි සේ
මඟක් නොතිබුණා ඔබේ කඳුළැලි දෑසේ

දිවුරා පොරොන්දුවක් දෙන්නෙමි පියෙකු නමින්
රකිනෙමි ඔබේ මතු පරපුර මගේ ලෙයින්
දෙරණට උපන් රජිදා මම ඔබේ ලෙයින්
අවසන් හුස්ම රකිනෙමි ලක් මෑණි නමින්’

මාකඳුරේ මධුෂ් විසින් එවා තිබූ බව කියන මෙම ශෝක පණිවිඩයේ සඳහන්ව තිබුණේ අහිංසකව සිටි පවුලක් ධනපති පංතියේ පිරිස් විසින් අංගුලිමාල බවට පත් කළ කතාවකි.

සිය මලණුවන් අකාලයේ මරා දැමීමේ පලිය වෙනුවෙන් මාකඳුරේ මදුෂ් අවි ගත් බවත් රටට වින කරන උන් අකා මකා දමන බවටද මියගිය පියාගේ දේහයේ නාමයෙන් සපථ කරන බවත් ඉන් කියවෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *