මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයා වූ ඉන්දික සම්පත් කුලියට ගෙන තිබූ මොරටුව රාවතාවත්තේ පිහිටි නිවසේ සඟවා තිබූ සිම්කාඩ් තොගය පිළිබඳව කරගෙන යනු ලබන විමර්ශනවලදී මධුෂ් ඇතුළු ඔහුගේ හිතවතුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය විවිධ තරාතිරමේ පුද්ගලයන් රාශියකගේ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුව විසින් මෙම පුද්ගලයන් පිරිස සම්බන්ධයෙන් ඉදිරි දින කීපය තුළ පරීක්ෂණ ආරම්භ කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මධුෂ්ගේ ගෝලයා වූ ඉන්දික සම්පත් ඇසුරු කළ පුස්තකාල සහායකවරිය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.
මධුෂ්ට අයත් මුදල් සහ තවත් වැදගත් තොරතුරු රැසක් ඇයගෙන් හෙළි වනු ඇති බව පොලිසියේ විශ්වාසයයි.