බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කර ‘සුළු මොහොතකින්’ කළ විනාශය

හෝමාගම ආසන්නයේ පිහිටි මාකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරනු ලැබුවේ පෙරේදා දිනයේයි.

එය විවෘත කර සුළු මොහොතකින් එහි පවතින “කණගාටුදායක තත්ත්වය” යැයි සඳහන් ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ දැඩි කණස්සල්ල පළ වෙමින් තිබෙනවා.

ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව එහි “වැසිකිලි භාවිත කර තිබූ ආකාරය සහ අවට කසල බිම දමා යෑම” සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විරෝධය පළ කර තිබුණා.

“මාර තර්ක තමයි සමහරුන්ට තියෙන්නෙ.Dust bin නැතිකම නෙවෙයි මෙතන වරද.විනයක් නැතිකම.තමන් පාවිච්චි කරපු දේ ඇයි බැරි බෑග් එකක දාගෙන ගිහින් නිසි තැන බැහැර කරන්න.කාන්තාවක් විශේෂයෙන් දැනගත යුතුයි අපහසුතා ඇති දවස් වල හොඳ සූදානමකින් ගමනක් යන්න.ඒ නැතත් කසළ බැහැර කරන්න නියමිත තැනක් නැත්නම් තමන්ගෙ කුණු ටික බෑග් එකක දාගෙන යන්න පුරුදු වෙන්න ඕන කවුරුත්.වෙන දෙයක් නෙවෙයි ඔය නැහැදිච්ච කම.මුන් එක්ක කොහොමද රටක් ලස්සන කරන්නේ,” යනුවෙන් ඇතැම් කාන්තාවන් සඳහන් කර තිබුණා.

මාකුඹුර බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කරනු ලැබුවේ ජයිකා ආයතනයේ ආධාර මත මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් වන අතර එම මධ්‍යස්ථානය පිරිසිදුව තබා ගැනීමට උපකාර වන ලෙස එහි පරිපාලනය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *