මධුෂ් ගෙන ගොස් ඇත්තේ ‘කංජිපානි ඉම්රාන්ගේ’ තිප්පොලකට ලු(PHOTOS)

වෙඩි හුවමාරුවකදී මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් රැගෙන ගොස් ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන්ට අයත් කුඩු තිප්පොළකට බවට අනාවරණ වී තිබෙනවා.

මාකඳුරේ මධුෂ් මත්ද්‍රව්‍ය සොයා ගැනීමකට මාළිගාවත්ත – ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය වෙත අද(20) අලුයම රැගෙන ගොස් තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය සඟවා තිබූ නිවසේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන් හට වෙඩි තබා ඇති අතර, පොලිස් නිලධාරීන් ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එහිදීයි මාකඳුරේ මධුෂ් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන මාකඳුරේ මධූෂ් එහි නිලධාරීන්ගේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මෙම නිවාස සංකීර්ණයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි.

ඒ අනුවයි අද අලුයම පොලීසිය සහ මාකඳුරේ මධුෂ් එම ස්ථානයට පැමිණ ඇත්තේ.

කෙසේ වෙතත්, පසුව එම නිවාස සංකීර්ණයේ 10 වන මහලේ අදාළ නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා ගත්තා.

මීට අමතරව වෙඩි තැබීම පුද්ගලයින් පැමිණි යතුරුපැදියක් ද නිවාස පරිශ්‍රය ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත්තා.

වෙඩි හුවමාරුවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එක් අයෙකුගේ පාදයකට සහ අනෙක් පොලිස් කොස්තාපල්වරයාගේ පපු ප්‍රදේශයේ සුළු තුවාල පවතින බවයි රෝහල් ආරංචි මාර්ගක සඳහන් කළේ.

සිද්ධිය සිදුවූ මාළිගාවත්ත – ඇපල්වත්ත – ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණ පරිශ්‍රයට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අද උදෑසන පැමිණියා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *