එජාපයේ සභාපති සමග මහ ලේකම් ගැටේ

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් සහ හිටපු අමාත්‍ය සහ පක්ෂයේ සභාපති කබීර් හෂීම් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඊයේ (16) මතුවූ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරණයේ දී පරාජයට පත්වූයේ අකිල විරාජ් කාරියවසම් මහතා නිසා බව කබීර් හෂීම් මහතා සිරිකොත දී චෝදනා කර තිබුණා.

ඊට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය මෙහෙයවීම සිරිකොතින් සිදු නොවූ අතර මලික් සමරවික්‍රම වැන්නවුන් ඊට වගකිව යුතු බවයි.

පසුව දෙදෙනා වාදයකට පැටලී ඇති අතර එය උණුසුම් මුහුණුවරක් ගත් බවයි වාර්තා වන්නේ.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.