“මම එකමුතුකමට බාධාවක් ද ?” – මාලිංග ක‍්‍රිකට් බලධාරීන් අමතා නැගූ ප්‍රශ්න මෙන්න

එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වනවාද නැද්ද යන්න දෙගිඩියාවෙන් පසුවු ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිලධාරීන් සමග කළ සාකච්ඡාවකින් පසුව ලෝක කුසලාන සහභාගීත්වය ස්ථිර කර තිබෙනවා.

නායකත්වය නොලැබීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව පවසන ලසිත් මාලිංග ප‍්‍රශ්නය ඇත්තේ තමා කණ්ඩායමේ සිටීමෙන් එකමුතුකමට බාධාවක්වේද යන පැනයට පිළිතුර ක‍්‍රිකට් බළධාරීන්ගේ අසා ඇති බවයි වාර්තා වන්නේ.

එම ප‍්‍රශ්නය මාලිංග විසින් යොමු කිරීමට ප‍්‍රධානතම හේතුව වන්නේ ඔහු නායකත්වය දරන කාලයේදී සෙසු ක‍්‍රීඩකයන්ගේ සහය මාලිංගට නොලැබුණු බවට ක‍්‍රිකට් ප‍්‍රධානීන් පැවසීමයි.

කෙසේ වෙතත් තමාව ප‍්‍රශ්නයක්නම් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්වීමට සුදානම් බව මාලිංග විසින් අයි.පී.එල්. තරගාවලිය අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බළධාරීන් දැනුවත් කර තිබෙනවා.

එහිදී මාලිංගව කණ්ඩායමට අවශ්‍ය බවත් ඔහුගේ අත්දැකීම් සහ දක්ෂතාව මේ අවස්ථාවේදී කණ්ඩායමට අවශ්‍ය බවත් ක‍්‍රිකට් බළධාරීන් පවසා ඇතැයි වාර්තා වනවා.

රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට තමා කිසිම විටෙක පැකිලෙන්නේ නැති බව පවසන මාලිංග තමාට නායකයා හෝ පුහුණුකරුවා කවුද යන ප‍්‍රශ්නය අදාළ නැති බවත් පවසා තිබෙනවා.

ඕනෑම නායකයකු යටතේ කී‍්‍රඩා කිරීමට තමා සූදානම් බව පවසන මාලිංග එය රට වෙනුවෙන් කරන සේවයක් බවද අවධාරණය කර ඇති බවයි පැවසෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *