ටික්ටොක් හරහා LTTE සංවිධානය පිළිබඳ විවිධ කරුණු පළ කළ අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් 25 හැවිරිදි සැකකරුව අත්අඩංගුවටගෙන ඇත.

අදාළ සැකකරු විසින් ටික්ටොක් නැමැති මාධ්‍ය හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

සැකකරුගේ මුල් පදිංචිය මුලතිව් බවත් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් අනාවරණය වී තිබේ.

ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්‍රවෘත්ති ඔහු විසින් නිර්මාණය කරඇති බවට ද තොරතුරු හෙළිවී ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *