ඕනෑම වර්ගයක ගිනි අවියක වීඩියෝවක් පරිගණකයක් මගින් නිරීක්ෂණය කර එම ගිනි අවිය නිෂ්පාදනය කිරීමේ සුවිශේෂි හැකියාවක් සහිත අයෙකු ඇල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සමග ගිනිඅවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ලේත් මැෂින් එකක්, වෙල්ඩින් ට‍්‍රාන්ස්ෆෝමරයක්, පරිගණක කොටස් තොගයක්, නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කොටස් විශාල ප‍්‍රමාණයක් හා අංග සම්පූර්ණ ගිනි අවියක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහා කළේ.
සැකකරු කිසිදා පාසල් නොගිය අයෙකු බවත් එසේ තිබියදී පරිගණක භාවිතය සහ ගිනිඅවි නිෂ්පාදනය පිළිබඳ හසල දැනුමක් ලබාගෙන තිබෙන බවත් ඇල්පිටිය පොලීසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පෙබරවාරි මස 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බද්දේගම මහෙස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කර තිබෙනවා.