කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනෙකුට හිත් පිත් නැති ලෙසට පහර දෙන පුද්ගලයකුගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යජාලවල සැරි සරන්නට පටන්ගෙන තිබෙනවා.
එම කුඩා සාමණේර හිමි දෙනමට යම්කිසි සොරකමක් සම්බන්ධව අසැබි වදනින් චෝදනා කරමිනුයි අදාළ පුද්ගලයා හිත් පිත් නැති අකාරයෙන් පහර දෙන්නේ.
බෞද්ධ දර්ශනය ප්‍රගුණ කරන සාමණේර දෙනමක් වීම පසෙකලා හිතා බැලුවත්, ඉහත වීඩියෝවෙන් පහර කෑමට ලක්වෙන්නේ කුඩා දරුවන් දෙදෙනෙකු බැවින්, කුමන හේතුවක් යටතේවත් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව සඳහන් කළ යුතුයි.