පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී ඊයේ (25 වැනිදා) උදෑසන 10.00ට පමණ ටී.56 ගිනිඅවි රැගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගණුදෙනුවක් මුල්කරගෙන බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇතැයි පැවසෙනවා.
ඝාතනයට සම්බන්ධ වූවන් සොයා මිරිහාන විශේෂ ඒකකය ඇතුළු විශේෂ කණ්ඩායම් හතරක් පරීක්ෂණ අරඹා ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළා.
මියගිය පුද්ගලයා කුඩු ප්‍රවාහනය සඳහා බෝට්ටුවකින් ගොස් ඇති වූ මුදල් ආරවුලක් ඊට හේතුවී ඇතැයි විමර්ශන කණ්ඩායම් සැකකරනවා.
ත්‍රිරෝද රථයකින් තවත් දෙදෙනකු සමග ගමන් කරමින් සිටින අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු එම ත්‍රිරෝද රථයේ සිටි අයකුට මෙම වෙඩි පහර එල්ල කර තිබෙනව. එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ සිට දිවි බේරාගත් පුද්ගලයන් දෙදෙනා පවසා සිටින්නේ තමන් ඇතුළු පිරිස මිතුරකු සමග කතා කරමින් සිටින විට යතුරුපැදියකින් පැමිණි අයකු වෙඩි තැබූ බවයි.