ඉතියෝපියානු ගුවන් අනතුරට හසුනොවී ‘ජීවිතය බේරාගත් අයෙක් තැබූ’ සංවේදී සටහන

අනතුරටපත් ඉතියෝපියානු ගුවන් යානයේ ගමන් ගැනීමට සිටි පුද්ගලයෙකුතම ජීවිතය බේරාගැනීමට ලැබීම සිය සමාජ ජාල ගිණුමක සතුට පළ කර තිබෙනවා.

එම ග්‍රීක ජාතිකයා විනාඩි දෙකක් ප්‍රමාද වීම නිසා ගුවන් යානය පිටත්ව තිබෙනවා.

ඒ නිසා තමන්ගේ ජීවිතය බේරුනු බව ඔහු සඳහන් කර තිබෙනවා.

Antonis Mavropoulos නමැති ඔහු සඳහන් කරන්නේ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වන බවයි.

මෙම යානයේ කාර්මික දෝෂයක් හට ගැනීම නිසා ගුවන් යානයේ නියමුවා එය ආපසු ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ යානය කඩා වැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානය තුල කොරියානු ජාතිකයන් 32 ක්,කැනඩා ජාතිකයන් 18 ක්, බි‍්‍රතාන්‍ය ජාතිකයන් හතක්,ඇමරිකානුවන් අටක්, චීන ජාතිකයන් 8 ක් හා ඉතාලි ජාතිකයන් අටක් ඒ අතර සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සේවකයන් 19 ක්ද අනතුර සිදුවන අවස්ථාවේදී එහි සිට තිබෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *