මැණිකේ බොලිවුඩයේ තව පිම්මක

මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ එතෙක් මෙතෙක් බිහිවූ සියලු වාර්තා බිඳ හෙලමින් ජනප්‍රියතම ගීතය බවට පත් විය. ඒ හරහා ඉන්දියාවේ මෙන්ම ලෝකයෙම ආදරය දිනා ගත් ඇය තවත් එවැනිම ආන්දෝලනාත්මක පිම්මකට සැරසේ.

මේවන විට මුළු බොලිවුඩයම පිස්සු වැට්ටූ මැණිකේ මගේ හිතේ හින්දි අනුවාදය බොලිවුඩ් චිත්‍රපටයකට ඇතුල් කිරීමට තීරණය කර තිබේ. ඒ ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටයෙනි. එහි රංගනයට බොලිවුඩයේ සුපිරි තරු අජේ දේව්ගන්, සිදුහත් මල්හෝත්‍රා සහ රකුල් ප්‍රීත් සිං සිය රංගන දායක ලබා දෙති.

ඉදිරියේදී එන චිත්‍රපටය සඳහා ඇයගේ ජනප්‍රිය ගීතයේ හින්දි අනුවාදය ගායනා කරන බව මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. යෝහානි ගේ සංගීතයේ ඇති සංවේදීතාවය ගැන එම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර් ඉමහත් ප්‍රසංසනියව කතා කර තිබේ.

එමෙන්ම මෙම අවස්ථාව ගැන අදහස් දක්වමින් යොහානි පවසා ඇත්තේ “මට ඉන්දියාවෙන් ඉමහත් ආදරයක් සහ සහයෝගයක් ලැබුණා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. ඒවගේම ගීතයේ හින්දි අනුවාදය මේ චිත්‍රපටයට ඉදිරිපත් කිරීම ගැනත් මම භූෂාන් කුමාර්, ඉන්ද්‍ර කුමාර් ඇතුළු කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. ඒවගේම ඉක්මනින්ම ඉන්දියාවේ නැවත සංචාරය කරන්නත් බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඇය පවසා ඇත.

භූන් කුමාර්, ක්‍රිෂාන් කුමාර්, අශෝක් තකෙරියා, සුනිර් ඛෙටර්පාල්, දීපක් මුකුට්, ආනන්ද් පණ්ඩිත් සහ මාර්කන්ඩ් අධිකාරි විසින් නිෂ්පාදනය කරන ලද ‘තෑන්ක්ස් ගෝඩ්’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ යෂ් ෂා විසිනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *