මනුෂ නානායක්කාර ඇදගෙන නායි

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව ‘ගවන්මන්ට් ක්ලවුඩ්හි’ තිබූ ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඖෂධ වර්ග, ඖෂධ මිලදී ගැනීම්, ඖෂධ ලබාදෙන සමාගම්වල ලියාපදිංචිය ඇතුළු අති සංවේදී දත්ත ගොනු ලක්ෂ 11ක් පසුගිය ජූලි මස මැකී යාමේ සිද්ධිය ගැන පසුගියදා විවිධ මත පළකෙරුණි. මේ ගැන මාධ්‍ය හමුවකදී අදහස් පළකල පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේ මේ දත්ත මකාදැමීමේ මගඩිය පිටුපස ටෙලිකොම් ආයතනය සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙවැනි ප්‍රකාශයක් කළවිට එවැන්නක් අවිශ්වාස කර සිටීමට වඩා එය විශ්වාස කරන්නට යොමුවන පිරිස වැඩි බව සැබෑවකි. මනුෂ නානායක්කාර මහතා කලක් මාධ්‍ය තුළ කටයුතු කළ අයෙකු ලෙස යම් කරුණක් පැවසීමට පෙර ඒ ගැන මැනවින් සොයාබලා පැවසිය යුතුය යන්න ගැන දැනුවත් ඇත.

සමහරවිට මාධ්‍යයෙන් ඉවත් වී දේශපාලනයට සම්බන්ධ වූ නිසා දැන් ඔහුට ඒ ගැන අමතක වී ගොස් ඇතිවා විය හැක.

කෙසේවුවත්, වගකිවයුතු දේශීය ආයතනයක් ලෙස SLT – MOBITEL මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කරමින් පැහැදිලිව පැවසුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත තිබූ ‘Lanka Government Cloud’ සඳහා තමන් Hosting සේවාවන් ලබානොදෙන බවයි. එවැනි පසුබිමක මනුෂ නානායක්කාර විකෘති තොරතුරු ජනතාවට ඉදිරිපත් කරමින් මේ සිදුකර ඇත්තේ ජනතාව නොමග යවා ඔවුන් ඉදිරියේ සිය නිරුවත පෙන්වීමේ කාර්යයක් බව පැහැදිලිය. අනෙක් පසින් මෙය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීමේ කාර්යය පිටුපස සිටින්නේ Dialog සමාගම බව සැගවීමට ඔහු ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *