මූල්‍ය විනය ආරක්ෂා කිරීමට අණ පනත් රැසක්

මූල්‍ය විනය ආරක්ෂා කිරීම සඳහා අණ පනත් රැසක් පාර්ලිමේන්තුවට ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ආර්ථික අර්බුදය හමුවේ රජය ගත් ජනප්‍රිය නොවන තීරණවල යහපත් ප්‍රතිඵල ලබන වසර මුලදීම ජනතාවට ලැබෙනු ඇති බවද ඒ මහතා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ  ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සංවිධාන කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ඉතා ඉක්මනින් මෙරටට ලැබෙනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව තවදුරටත් ලංකාව වෙත ණය පහසුකම් ලබාදීමත් සමඟ අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පල කළා.

මෙම අවස්ථාවේ රජය ගමන් කරනු ලබන්නේ නිවැරදි මාවතක බවත් ඕනෑම පාර්ශ්වයකට සහයෝගයෙන් රජය සමඟ වැඩ කටයුතු කරමින් රාජ්‍ය යාන්ත්‍රණයට දායක විය හැකි බවයි ඒ කියා සිටියේ.

රජයේ වැඩපිලිවෙල විවේචනය කරන කිසිදු පාර්ශ්වයක් ප්‍රායෝගික විසදුම් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *