කොරෝනා රෝගී රුසියානු නිසා ගැටළු රැසක්..හෝටලයක සිටින බව බලධාරීන් දන්නේ නෑ..සේවකයන් වක්වැල්ල, අහංගම, ගෝනපීනුවල,රත්නපුර, තඹුත්තේගම හා බණ්ඩාරගම ගිහින්

මාතර හෝටලයක නවාතැන් ගෙන සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් රුසියානු ජාතිකයාගේ හම්බන්තොට රෝහලේ සිදුකළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තා අනුව ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ සුරංග උබේසේකර සඳහන් කළා.

කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ අද රාත්‍රියේ ජෛව සාම්පල ලබාගෙන තවත් පී.සී.ආර්. පරීක්ෂාවක් සඳහා යොමුකරන බවයි.

ඒ අනුව ඔහුගේ ආසාදිතභාවය තහවුරු කළ හැකි බවයි රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.

මාතර – පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගැනීම සඳහා රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු පැමිණ ඇත්තේ පසුගිය 13 වනදායි.

ඔවුන් අද(24) දිනයේ මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි අතර ඊට පෙර මාතර නගරයේ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර් පරීක්ෂණ සිදු කරගෙන තිබෙනවා.

එහිදී එක් රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගත් රුසියානු ජාතිකයා සහ ඔහු සමඟ සිටි සෙසු ගුවන් සේවා කාර්ය මණ්ඩල සාමාජිකයින් මාතර – පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්ගෙන ඇත්තේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරව බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

මේ අතර, ඔවුන් නවාතැන්ගත් හෝටලයේ සියලු සේවකයින් හෝටලය තුළම නිරෝධායනයට ලක් කළා.

මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසූරිය ට කියා සිටියේ එම හෝටල් සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ද නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, හෝටල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 07 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් ඇති අතර, ඔවුන් ගාල්ල – වක්වැල්ල, අහංගම, ගෝනපීනුවල සහ රත්නපුර, තඹුත්තේගම හා බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් කඩිනමින් යලි ගෙන්වා ගෙන නිරෝධායනය සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *