සිසුහු රැසක් ඉහළ සාමාර්ථ සහිතව ‘SLT පුහුණු මධ්‍යස්ථානයෙන්’ ඉන්ජිනේරු උපාධි ලබති

ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානයෙන් (SLT TTC) ඉංජිනේරු උපාධිය හැදෑරූ පළමු කණ්ඩායමේ සහ BTEC HND වැඩසටහනේ 11 වැනි සිසු කණ්ඩායමේ උපාධි ප්‍රධානෝත්සවය, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී අති උත්කර්ශවත් අයුරින් පසුගියදා පැවැත්වුණා.

එක්සත් රාජධානියේ Hertfordshire විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා පරිගණක විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය රොඩ්නි ඩේ (Dr. Rodney Day) මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී සිටියා.

Hertfordshire විශ්ව විද්‍යාලයේ සහකාර පීඨාධිපති ෆීලික්ස් ෂු (Mr. Felix Zhu) මහතා, නවීන තාක්ෂණයන් පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් පනාවැන්නගේ මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්නැන්ඩස් මහතා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානයේ (TTC) ආචාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම Hertfordshire විශ්ව විද්‍යාලය සමඟ එක්ව 2017 දී ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදනය පිළිබඳ (Electronics and Communication) ගෞරව උපාධි පාඨමාලාව ආරම්භ කළ අතර, ගාඩියන් සඟරාවේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2019 දී එක්සත් රාජධානියේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව සඳහා 10වැනි ස්ථානය හිමිවූයේද මෙම විශ්ව විද්‍යාලයටයි.

මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් 26 දෙනෙකු උපාධිය ලැබූ අතර වූ අතර ඔවුන්ගෙන් 10 දෙනෙකු පළමු පන්තියේ ගෞරව උපාධි සහතිකයක් ලබන්නට වරම් ලැබීම කැපී පෙනුනු අවස්ථාවක් වුණා. මෙහිදී හොඳම ශිෂ්‍යා ලෙස ගෞරවයට පාත්‍රවූයේ සේනාදි හරින්ද්‍ර පෙරේරා මහතායි.

ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය (SLT TTC) විසින් ඉංජිනේරු උපාධි පාඨමාලා තුනක් පවත්වාගෙන යනු ලබනවා.

විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන ඉංජිනේරු සහ ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු යන මෙම පාඨමාලා වසර 3 ක අධ්‍යයනයක් සමග මාස 06 ආයතනික පුහුණුවකින් සමන්විතයි.ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානයෙන් ලබා දෙන මෙම උපාධි, පශ්චාත් උපාධි (MSc / M Eng ) සඳහා අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මෙන්ම එක්සත් රාජධානියේ Hertfordshire විශ්ව විද්‍යාලයේ හෝ ලොව අනෙකුත් කීර්තිමත් විශ්ව විද්‍යාල වල ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා සුදුසුකමක් වනවා.

එක්සත් රාජධානියේ විශාලතම සම්මානලාභී ආයතනය වන (Pearson) පියර්සන් සමඟ එක්ව 2005 වසරේ සිට SLT TTC විසින් BTEC HND උසස් ඩිප්ලෝමා වැඩසටහන මෙහෙයවනු ලබන අතර එය OFQUAL (England), SQA Accreditation (Scotland), CCEA Accreditation (Northern Ireland) and Qualifications Wales (Wales) නියාමනය කරනු ලබනවා. මෙම වසරේදී සිසුන් 39 දෙනෙකු උපාධි වරම් ලැබීමට සමත් වූ අතර, ඔවුන් අතර විශිෂ්ඨ සාමාර්ථ 3 ක් සහ කුසලතා සාමාර්ථ 15 ක් විය. නවෝද කනිෂ්ක බණ්ඩාර හොඳම ශිෂ්‍යයා සඳහා රන් පදක්කම දිනාගත්තා.

BTEC HND වැඩසටහන වසර එකහමාරක පූර්ණ කාලීන අධ්‍යයනයකින් සමන්විත වන අතර එහිදී SLT හි අංගසම්පූර්ණ නවීනතම පුහුණු මධ්‍යස්ථානවලදී සිසුන්ට න්‍යායාත්මක දැනුම ලබාදෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හෝ වෙනත් පිළිගත් ආයතනයක තවත් මාස හයක කාලයක් කාර්මික පුහුණුවක් එම සිසුන්ට හිමිවනවා.

මෙම BTEC HND සුදුසුකම සහිත ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමටද අවස්ථාව හිමිවෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *