ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යූනියන් ඇෂුවරන්ස්, 2022 බැංකු රක්ෂණ වාර්ෂික සම්මාන උළෙලේ ජයග්‍රාහකයින්ට ගෞරවය පිරිනැමීය. මොනාර්ක් ඉම්පීරියල්හි පැවති මෙම උත්කර්ෂවත් අවස්ථාව, බැංකු රක්ෂණ කණ්ඩායම සහ සහයක අංශ වසර පුරා ලැබූ සුවිශේෂී ජයග්‍රහණ අගය කිරීම වෙනුවෙන් පැවැත්විණි. “සීමාමායිම් නැති” යන තේමාව රැගත්, මෙම උත්සවය උත්කර්ෂවත් අංග රැසකින් සමන්විත වූ අතර, සබඳතා වැඩිදියුණු කරන, පුද්ගලයන් දිරිමත් කරන, තවදුරටත් ජයග්‍රහණ සඳහා පෙළඹවීම් ඇති කරන ගෞරවණීය වේදිකාවක් විය.
ජෝන් කීල්ස් හෝල්ඩිංස් පී.එල්.සී. සමාගමේ මූල්‍ය, තොරතුරු තාක්ෂණ සහ විනෝද කටයුතු අංශයේ සභාපති සුරේෂ් රාජේන්ද්‍ර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ගෞරවණීය සහභාගීත්වයෙන් පැවති මෙම උත්කර්ෂවත් අවස්ථාවට, සම්මාන ලාභීන් 150කට අධික පිරිසක් එක්ව සිටියහ.
යූනියන් ඇෂුවරන්ස් 2022 වසරේදී සුවිශේෂී සාර්ථකත්වයක් පෙන්නුම් කළ අතර, ප්‍රමුඛ පෙළේ බැංකු 7ක් සමග හවුල්කාරීත්වය ශක්තිමත් කරමින් රුපියල් බිලියන 1.4කට වැඩි වාර්ෂික නව ව්‍යාපාර වාරික (ANBP) මුදලක් වාර්තා කරමින් දේශයේ ප්‍රමුඛතම බැංකු රක්ෂණ සේවා සපයන්නා බවට යළිත් පත්විය. මෙමගින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරමින් ජීවිත ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ ශුභසිද්ධිය පවත්වාගෙන යාම ඇතුළු සමාගමේ අරමුණු ශක්තිමත් වී තිබේ.
එම රාත්‍රියේ ප්‍රධානතම සම්මානය වූ ශූරයන් අතර ශූරයා (Champion of Champions) සම්මානය යූනියන් ඇෂුවරන්ස්හි නේෂන්ස් ට්‍රස්ට් බැංකු නාලිකාවේ හර්ෂ විජේසිංහ සහ යූනියන් ඇෂුවරන්ස්හි කොමර්ෂල් බැංකු නාලිකාවේ නගුලේශ්වර ශෝභිතා දිනා ගත්හ. පළමු වාරිකය පදනම් කර ගත් කාණ්ඩයේ හොඳම ප්‍රාදේශීය කළමනාකරු වෙනුවෙන් පිරිනැමෙන සම්මානය යූනියන් ඇෂුවරන්ස්හි නේෂන්ස් ට්‍රස්ට් බැංකු නාලිකාවේ කසුන් චන්ද්‍රසිරි විසින් දිනා ගන්නා ලද අතර, වාර්ෂික නව ව්‍යාපාර වාරික පදනම් කරගත් කාණ්ඩයේ සම්මානය යූනියන් ඇෂුවරන්ස්හි කොමර්ෂල් බැංකු නාලිකාවේ ටී. සජීතන් දිනා ගත්තේය. හොඳම කලාප කළමනාකාර කාණ්ඩය යටතේ, යූනියන් ඇෂුවරන්ස්හි නේෂන්ස් ට්‍රස්ට් බැංකු නාලිකාවේ චරිත් අබේවර්ධන පළමු වාරික පදනම් වූ කාණ්ඩයේ සම්මානය දිනාගත් අතර, වාර්ෂික නව ව්‍යාපාර වාරික පදනම් වූ කාණ්ඩයේ සම්මානය යූනියන් ඇෂුවරන්ස්හි කොමර්ෂල් බැංකු නාලිකාවේ වී. ටෙම්සි විසින් දිනා ගන්නා ලදී.
යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් සම්මාන හිමි කර ගත් ජයග්‍රාහකයින් අගය කළේය. ඔහු පැවසුවේ, යූනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ කණ්ඩායම නව ව්‍යාපාරවල කැපී පෙනෙන වර්ධනයක් අත් කරගත් අතර එමගින් යූනියන් ඇෂුවරන්ස් සමාගමට ක්ෂේත්‍රයේ අවිවාදිත ප්‍රමුඛත්වය තහවුරු කිරීමට සහ ශ්‍රී ලංකාව පුරා බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබීමට හැකි වූ බවය. “අපගේ උපාය මාර්ගික ප්‍රමුඛතා සහ වර්ධන ගමන්මගේ බැංකු රක්‍ෂණය ඉදිරියෙන් ම පවතින,” බව ඔහු අවධාරණය කළේය.
යූනියන් ඇෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා සුවිශේෂී ප්‍රතිඵල අත්පත් කරදීම සම්බන්ධයෙන් කණ්ඩායමට ප්‍රශංසා කළේය. ඔහු සඳහන් කළේ, බැංකු සමග සමාගමේ උපාය මාර්ගික හවුල්කාරිත්වය හේතුවෙන් සමාගමේ විෂය පථය සහ පාරිභෝගික ප්‍රවේශය ද පුළුල් වී ඇති බවය. “අපගේ ප්‍රජාවන්ට මූල්‍ය ආරක්‍ෂාව සැපයීමේදී බැංකු රක්ෂණ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර, ආර්ථිකයේ ද විශාල කාර්ය භාරයක් ඉටු කිරීම සඳහා එය අඛණ්ඩව වර්ධනය වනු ඇති බව මට විශ්වාසයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ ප්‍රධානී විශාන්ත් විජේසිංහ ප්‍රකාශ කළේ, කණ්ඩායමේ දරා ගැනීමේ හැකියාව සහ නොසැලෙන ආත්ම ශක්තිය, ගෙවී ගිය වසරේ අභියෝග ජය ගැනීම පිටුපස තිබූ ගාමක බලවේගයන් වන බවය. “අවිනිශ්චිතතා මධ්‍යයේ වුව ද, අපගේ හවුල්කාර බැංකු හරහා සේවාදායකයින්ට හොඳම පන්තියේ රක්‍ෂණ විසඳුම් මාලාවක් පිරිනැමීම සඳහා වන අපගේ කැපවීම නොසැලී ඉදිරියට ගෙන යන්නෙමු. අනාගතය පිළිබඳ අප සතු ශුභවාදීත්වයේ මුල්ගල වන්නේ, අපගේ කණ්ඩායම සතුව ඇති අසීමිත ශක්තියයි. නව යුගයේ රක්ෂණ අත්දැකීම් ලබා දීම සඳහා සීමාවලින් තොර ඩිජිටල් පහසුකම් සමග පුළුල් විසඳුම් සැපයීමට අපි උත්සහ කරන්නෙමු.
යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 19.4ක් වන අතර ජීවිත අරමුදල 2023 මාර්තු අවසන් වන විට රු. බිලියන 57.7 කි. ශ්‍රී ලාංකේය සිහින සවිබල ගැන්වීම සඳහා පිහිටුවා ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව සහ විශ්‍රාම අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.