සිසුවාගේ සිරුර ගල් ගුහාවක් තුළ (PHOTOS)

දින පහක් තිස්සේ නිවසින් අතුරුදහන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුර ඔහු පදිංචිව සිටි නිවසට ඉහලින් වු ගල් ගුහාවක තිබී ඊයේ (19) පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.

ගල් ගුහාවේ තිබි මෙසේ සොයාගනු ලැබුවේ නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ පදිංචි කාවින්ද මදුසංඛ නැමති 17 හැවිරිදි සිසුවෙක්.

මාපකන්ද විදුහලේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි මෙම පාසල් සිසුවා දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ දෙමාපියන් විසින් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් ප්‍රදේශවාසින්ගේ ද සහයෝගය මත ප්‍රදේශය පුරා මෙහෙයුමක් දියත් කර තිබුණා.

ඒ අනුව මෙම සිරුර සොයා ගැනීමට හැකියාව ලැබුණා. අභිරහස් ලෙස මිය ගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *