දින 84ක ප්‍රසූත නිවාඩුව’ දින 42 දක්වා’ අඩු කෙරේ(VIDEO)

රාජ්‍ය සේවයට එක්වන අභ්‍යාසලාභී කාන්තා නිලධාරිනියන්ට ලබා දෙන දින 84ක ප්‍රසූත නිවාඩුව දින 42 දක්වා අඩු කර ඇතැයි සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසනවා.

2013 දක්වා රාජ්‍ය සේවයට එක්වන විශේෂයෙන් ම උපාධිධාරීන් බඳවා ගැනීම්වලට අදාළ වන කාන්තාවන්ට දින 84ක ප්‍රසූත නිවාඩුවක් හිමි වුණා.

බිහි වන නව ළදරුවෙකුට මව්කිරි මාස 6ක් දීම සඳහා සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබියදී මෙවැනි අකාරුණික පියවරක් ගැනීම ගැන අද (30දා) පෙරවරු සෞඛ්‍ය ලේකම්වරයාට හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරියට කරුණු දක්වා සංදේශ භාර දෙන බව එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *