මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මගී ප්‍රවාහනය සඳහා විවෘත කිරීම අද (08)ය මංගල සමරවීර ,අර්ජුන රණතුංග, දිලිප් වෙදආරච්චි, අශෝක් අබේසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර ඇතුළු මැති ඇමැතිවරු රැසකගේ සහභාගීත්වයෙන් සිදු වුණා.
මෙම පිරිස මෙම මාර්ගයේ මංගල මගී ප්‍රවාහන දුම්රියේ ගමන් කරමින් බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථානය විවෘත කිරීම සිදු කළා.
කතරගම දක්වා වූ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පළමු අදියර ලෙස විවෘත කෙරුණු මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටස කිලෝමීටර් 26කින් සමන්විත අතර ප්‍රධාන දුම්රිය ස්ථාන හතරක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් එම මාර්ගයේ පිහිටා තිබෙනවා.