පන්දුවාර 5ට ලකුණු 61යි – ජීවන් සමග ඉසුරු දඹුල්ල වර්ණවත් කළේ මෙලෙසයි(PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) පැවැත්වෙනවා. ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල පිල ඊයේ (10) සමත් වුණා.

ඇන්ජලෝ මැතිව්ස් (101) සහ භානුක රාජපක්‍ෂ (95) පැවැත්වූ ලකුණු 150 ක අනගි සම්බන්ධතාවයෙන් ගොඩනැගුණු දැවැන්ත ඉනිම නිසා දඹුල්ල පිල ලකුණු 94 කින් මහනුවර පිල පරාජය කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 326 ක ඉලක්කය හඹාගිය මහනුවර පිල ඕවර 42.2 කදී ලකුණු 231 කට සීමාවුණා.

දඹුල්ල කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් පන්දු 33 කින් හතරේ පහර දෙකක් සහ හයේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත් වුණා.

ඉසුරු උදාන පන්දු 14 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස් කළා.

ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන අවසන් ඕවර කීපයේදී ක්‍රියාත්මක කළ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා ලකුණු 325 කට ඒමට අවස්ථාව උදාවි වූ අතර එම ප්‍රහාරයත් සමඟ අවසන් ඕවර පහට ලකුණු 61 ක් එකතු වුණා.

නායක ඇන්ජලෝ මැතිව්ස් අන්තයක් ආරක්‍ෂාකරගිනිමින් අවස්ථානුකූල ඉනිමක් ක්‍රීඩා කිරීම කැපී පෙනුණි. මැතිව්ස් පන්දු 106 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 101 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියා.

මැතිව්ස් සහ ජීවන් අතර පස්වැනි කඩුල්ලට පන්දු 45 කින් ගොඩනැගුණු ලකුණු 71 ක වේගවත් සම්බන්ධතාව වඩාත් වැඳගත් වුණා.

භානුක රාජපක්‍ෂ කළකට පසුව අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 87 කින් ලකුණු 95 ක් රැස්කිරීමට සමත් වූ අතර එහිදී පන්දු 13 ක් හතරේ සීමාවට මෙපිටට යවනු ලැබුවා.

නායක ඇන්ජලෝ මැතිව්ස් සහ භානුක රාජපක්‍ෂ සිවුවැනි කඩුල්ලට පන්දු 154 කින් ලකුණු 150 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වූණා.

මෙම තරගාවලියේදී අඛණ්ඩව අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 4 ක් ලබා දැවී ගියේය.

සධීර සමරවික්‍රම පන්දු 66 කින් හතරේ පහර නවයක් සමගින් ලකුණු 70 ක් රැස් කරමින් මහනුවර පිලේ සාර්ථකම පිතිකරු බවට පත්වූ අතර සධීර සමරවික්‍රම (70) සහ පැතුම් නිස්සංක (11) පන්දු තුනක් තුළදී දැවී යෑමෙන් මහනුවර පිල අපහසුතාවට පත් වුණා.

මහනුවර පිලේ නායක දිමුත් කරුණාරත්න දෙවැනි පන්දුවේදී ලකුණු නොලබා දැවී ගියා.

මහනුවර පිලේ නායක දිමුත් කරුණාරත්න කාසියේ වසිය ලබා පළමුව පන්දුවට පහර දීමට දඹුල්ල පිලට ආරාධනා කළේය.

ලකුණු පුවරුව

දඹුල්ල කණ්ඩායම
නිරෝෂන් දික්වැල්ල – ඇ. දිමුත් ප. ප්‍රදීප් 4
ධනුෂ්ක ගුණතිලක – ඇ. වැන්ඩසේ ප. තිසර 15
ඕෂද ප්‍රනාන්දු – ඇ. මාලින්ද ප. ප්‍රදීප් 6
භානුක රාජපක්‍ෂ – ප. රාජිත 95
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. මාලින්ද ප. තිසර 101
ජීවන් මෙන්ඩිස් – නොදැවී 50
ඉසුරු උදාන – නොදැවී 34
අතිරේක 20
එකතුව ඕවර 50 යේදී කඩුලු 5 ක් දැවී 325

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ඉෂාන් ජයරත්න, අෂාන් ප්‍රියංජන්, විශ්ව ප්‍රනාන්දු, ලක්‍ෂාන් සඳකැන්

කඩුලු වැටීම:
1-8(දික්වැල්ල), 2-25(ඕෂද), 3-45(ධනුෂ්ක), 4-195(භානුක), 5-266(මැතිව්ස්)

පන්දු යැවීම:
නුවන් ප්‍රදීප්: 10-1-68-2-, කසුන් රාජිත: 10-2-71-1, තිසර පෙරේරා: 10-0-54-2, සචිත්‍ර සේනානායක: 10-0-49-0, මාලින්ද පුෂ්පකුමාර: 5-0-32-0, ජෙෆ්රි වැන්ඩසේ: 5-0-42-0

මහනුවර කණ්ඩායම
දිමුත් කරුණාරත්න – ප. විශ්ව 0
සදීර සමරවික්‍රම – ප. ජීවන් 70
සංගීත් කුරේ – ක. මූ. කළා ප. උදාන 57
පැතුම් නිස්සංක – ඇ. දික්වැල්ල ප. ඉෂාන් 11
සචිත්‍ර සේනානායක – ඇ. විශ්ව ප. ධනුෂ්ක 17
චතුරංග ද සිල්වා – ඇ. ඉෂාන් ප. ධනුෂ්ක 30
තිසර පෙරේරා – ප. උදාන 21
ජෙෆ්රි වැන්ඩසේ – දුවද්දී දැවී ගියා 0
මාලින්ද පුෂ්පකුමාර – ඇ. ප්‍රියංජන් ප. ජීවන් 9
කසුන් රාජිත – ඇ. දික්වැල්ල ප. සඳකැන් 1
නුවන් ප්‍රදීප් – නොදැවී 10
අතිරේක 5
එකතුව ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 231
කඩුලු වැටීම:
1-0(දිමුත්), 2-121(සංගීත්), 3-141(සදීර), 4-141(නිස්සංක), 5-183(සචිත්‍ර), 6-194(චතුරංග), 7-194(වැන්ඩසේ), 8-216(තිසර), 9-221(මාලින්ද), 10-231(රාජිත)

පන්දු යැවීම:
විශ්ව ප්‍රනාන්දු: 6-0-40-1, ඉෂාන් ජයරත්න: 6-0-34-1, ධනුෂ්ක ගුණතිලක: 8-1-34-2, ඉසුරු උදාන: 5-0-21-2, අෂාන් ප්‍රියංජන්: 6-0-36-0, ජීවන් මෙන්ඩිස්: 8-0-47-2, ලක්‍ෂාන් සඳකැන්: 3.2-0-18-1

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *