කාලගුණය හරස් වීමෙන් අදත් ගුවන් යානයක් මත්තලට හරවා යවයි

කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්ස වීමට පැමිණි ගුවන් යානයක් ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට අද(24) උදෑසන 8.50 ටකටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්ස වීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 192 දරන ගුවන් යානය මෙලෙස මත්තල ගුවන් තොටුපළ වෙත උදෑසන 9.30 ට ගොඩ බස්වා තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ වන විටත් තද වැසි, තද සුළං හා මුහුද රළු වීම පිළිබඳ අවධානාත්මක රතු නිවේදනයක් නිකුත් කර ඇත.

නිවේදනයට අනුව මෙම තද වැසි තත්ත්වය ඉදිරි පැය 6 පුරා ද පවතිනු ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *