මක්කම ගොස් පැමිණි විගස මවුලවිව අල්ලයි

අන්තර්ජාලය ඔස්සේ අන්තවාදී අදහස් ප්‍රචාරය කළ බව කියන මවුලවිවරයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි මුහයිදීන් කයි නමැති පුද්ගලයෙකි.

මක්කම වන්දනාවේ ගොස් යළි පැමිණෙන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී මොහුව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

වවුනියාව, සෙට්ටිකුළම ප්‍රදේශයේ පල්ලිවල දේශන පවත්වා ඇති මෙම මවුලවීවරයා, මක්කම වන්දනා කටයුතු සඳහා පිරිස් රැගෙන යන වන්දනා නඩයක ප්‍රධානියෙකු ලෙස ද කටයුතු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ එම මවුලවීවරයා මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *