අනාගතය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට දැන් හොඳම අවස්ථාවක් උදා වී ඇතැයි ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද නිකුත් වූ ලෝක ප්‍රකට එම් සී සී ක්‍රීඩා සමාජයේ සමීක්ෂණ වාර්තාවක දත්ත පිළිබඳ විශ්ලේෂණයක් සිදු කරමින්.
එම් සී සී ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ද වන සංගක්කාර පවසන්නේ ගතවූ මාස කිහිපයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවයි.
අදාළ සමීක්ෂණ වාර්තාවට අනුව ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේන් සියයට 86ක් තවමත් වැඩිම කැමැත්ත ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවටයි. ලොව පුරා රටවල් සියයක පුද්ගලයින් 13,000 ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කළා.
බිලියනයකට වැඩි ප්‍රේක්ෂක පිරිසක් ඉකුත් වසරේදී ක්‍රිකට් ක්‍රීඩාව වටා එක්වී ඇති අතර ඉන් සියයට 70 කගේ කැමැත්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිව තිබෙනවා.