මගීන් 151ක් සහ කාර්ය මණ්ඩලයද සමඟ පසුගියදා ඉතියෝපියාවේදී අනතුරට පත් වූ බෝයිං 737 MAX 8 යානයේ තාක්ෂණික දෝෂයක් පවතින බව ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් හඳුනාගෙන තිබෙනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දුනීසියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක්ද අනතුරට පත් වූ අතර එම ගුවන් යානයද අයත් වූයේ බෝයිං 737 MAX 8 වර්ගයටයි.
ඒ අනුව මාස හයකට අඩු කාලයක් තුළ ඒ වර්ගයේ යානා දෙකක් එකම අන්දමින් අනතුරට පත් වූ අතර එය හේතුවක් ලෙස ගනිමින් ඒ වර්ගයේ ගුවන් යානා භාවිතය නතර කිරීමට රටවල් කිහිපයක් තීරණය කර තිබෙනවා.
මේ අතර ගුවන්යානා තාක්ෂණවේදීන් පෙන්වා දී ඇත්තේ බෝයිං 737 MAX 8 ගුවන් යානාවේ තාක්ෂණික දෝෂය ඇති වන්නේ එය ගුවන්ගත වීමේදී බවයි.
ඕනෑම ගුවන් යානයක් ගුවන්ගත වීමේදී එහි නාසය කොටස උඩට එසවෙන අවස්ථාවක් ඇති අතර එහිදී යානයේ සමබරතාව ඉතා නිරවද්‍ය විය යුතුය. එහෙත් අධික බරින් යුතු එන්ජිමේ බර සමනය කිරීමට යොදා ඇති යම් උපාංග හේතුවෙන් බෝයිං 737 MAX 8 යානයේ නාසය උඩට එසවෙන පියාසර අවස්ථාවේදී උඩු අතට යෙදෙන තෙරපුම් බලයට විරුද්ධ බලයක් ඇති වීමෙන් යානයේ නාසය යළි බිමට හැරවෙන බවත් එහිදී නියමුවට යානයේ සමබරතාව ඇති කර ගැනීමට නොහැකි වීමෙන් යානය අනතුරට පත්වන බවත් තාක්ෂණවේදීන් පෙන්වා දී තිබෙනවා.
දැනට ලොව පුරා සතියක කාලයක් තුළදී ගමන්වාර 8500ක් සඳහා බෝයිං 737 MAX 8 ගුවන් යානා යොදා ගනු ලබන අතර ඒ අනුව ඇතැම් විට බොයිං සමාගම මේ ගුවන් යානා භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කරන්නේ නම් ඒ සඳහා ඉක්මනින් විකල්පද යෙදවීමට සිදු වනු ඇති.
කෙසේ වුවත් ගුවන් යානා ඉතිහාසය විමසා බලන විට පෙනී යන්නේ මෙය තහනමට ලක් වූ එකම ගුවන් යානය නොවන බවයි.
1979 වර්ෂයේදී අමෙරිකාවේ චිකාගෝහි සිදු වූ ගුවන් අනතුරකින් පසු එරට ගුවන් යානා නිෂ්පාදන සමගමක් වූ DC – 10 සමාගමේ බලපත්‍රය අහෝසි කර දැමු අතර කලක් ලෝකයේ ප්‍රචලිත ගුවන් යානා වර්ගයක් වූ එයාර් බස් ගුවන් යානාද දිගින් දිගටම අනතුරුවලට භාජනය වීම හේතුවෙන් එම ගුවන් යානා නිෂ්පාදන සමාගම වූ මැක්ඩොනල් ඩග්ලස් සමාගමද වසා දැමුණා.
පසුව එය බෝයිං සමාගම බවට පත් වුණා.
2008 වසරේදී MD – 80 නම් වූ ගුවන් යානා නිෂ්පාදන සමාගම වසා දැමීමට හේතු වූයේ ද එම සමාගමේ නිෂ්පාදිත ගුවන් යානා අනතුරුවට ලක් වීම හේතුවෙනුයි.
එම වසරේදීම බෝයිං සමාගමේ 787 පවුලේ තවත් එක් පර්යේෂණ මට්ටමේ නිෂ්පාදනයක් වෙළෙඳපොලට නිකුත් කිරීම නවතා දැමීමට සිදුවුණා.
2011 වසරේදී බෝයිං සමාගම 757 වර්ගයේ යානා භාවිතයෙන් ඉවත් කර ගත්තා.